හිටපු ඇමති හයක වත්කම් පරීක්‍ෂණ අරඹයි.. දෙදෙනෙකුට තහනම් නියෝග..
පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමැතින් ගණනාවක් සිය වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.
අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව මේ වන විටත් අධිකරණ නියෝග ලබාගෙන ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.
ඊට අදාල පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට ද නියමිතය.
හිටපු ඇමති හයක වත්කම් පරීක්‍ෂණ අරඹයි.. දෙදෙනෙකුට තහනම් නියෝග..
2024-10-13T08:47:00+05:30
Gossip Lanka Hot News






