ඉන්ධන මිල පහල දැමීම පිළිබඳව ආණ්ඩුව විසින් පරස්පර කතා කියමින් සිටින බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ප්‍රකාශ කළ පරිදි තෙල් ලීටරයක් සඳහා අතිරේකව රුපියල් පනහක බද්දක් අය කරමින් සිටින්නේ තෙල් සංස්ථාව කිසිදු ණයක් නොමැති අවස්ථාවක බවත් හෙතෙම පෙන්වා දෙයි.
සංස්ථාව මේ වන විට මසකට බිලියන 11 ක ලාබ ලබමින් සිටින බවද කී ඔහු පෙර කී රුපියල් පනහ ද සමඟ තෙල් මිල රුපියල් 82කින් අඩු කළ හැකි බවද එසේ කලහොත් එය ජනතාවට විශාල සහයක් බව ද හෙතෙම කියා සිටී.
ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.