gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණ ප්‍රචාරක විදයම් සීමා නිකුත් වේ… වැඩිම වියදමක් අනුමත කොළඹ අපේක්ෂකයින්ට… අඩුම වන්නියට… විදයම් සීමා මෙන්න…

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව ප්‍රචාරණ කටයුතු සඳහා එක් ඒක් අපේක්ෂකයෙකුට සහ පක්ෂයකට වියදම් කළ හැකි මුදල එක් එක් මැතිවරණ කොට්ඨාසයට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ. 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතේ 03 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

ඒ් අනුව තනි අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට වියදම් කළ හැකි වැඩිම සීමාව දක්වා ඇත්තේ කොළඹ මැතිවරණ කොට්ඨාසයට ය. කොළඹ මැතිවරණ කොට්ඨාසයට තරග වදින එක් අපේක්ෂකයෙකුට වැයකළ හැකි උපරිම වියදම් සීමාව පනස් හත් ලක්ෂ පනස් දහසක් (57, 50, 000 ක්) පමණි. පක්ෂයකට. ඒක් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් හත් කෝටි, අනූ හතර ලක්ෂ අනූ තුන් දහස් හත්සිය පනස් හය (7,94,93,756) කි. ජාතික ලයිස්තු අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම විදයම් සීමාව රුපියල් 34,698කි.

අඩුම වියදම දැරිය හැකි මැතිවරණ කොට්ඨාසය වන්නිය ය. වන්නි මැතිවරණ කොට්ඨාසයට තරග වදින අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා දැරිය හැකි මුළු මුදල රුපියල් දාසය ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසීය හතලිස් තුන (16,73,243) කි. පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දැරිය හැකි උපරිම පිරිවැය අනූ නව ලක්ෂ දහතුන් දහස් නවසිය හැට හතර( 99,63,964) කි. ජාතික ලයිස්තු අපෙක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 4327ක් පමණි.

අදාල සම්පූර්ණ වියදම් නියාමන ලයිස්තුව පහත දැක්වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka