රට නැවත ආර්ථික අගාධයකට ඇදනොවැටී පවත්වා ගැනීම සඳහා පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, ඊට සුදුසුම කණ්ඩායම වන්නේ තමන් සමග වසර 2ක කාලයක් වැඩ කිරීම තුළින් අත්දැකීම ලද ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වදින මන්ත්‍රී කණඩායම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.
රට බංකොලොත් භාවයට පත් වූ අවස්ථාවේ දී රටේ වගකීම භාරගෙන ණය තිසරස භාවයට පත් කර රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් තමන් සමග ඒක්ව වැඩ කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්, ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවත් ආර්ථික ගැටලුවක් අවස්ථාවක දී එම ගැටලු කළමනාකරණයට ඔවුන්ට විශේෂ හැකියාවක් ඇති බවත් හිටපු ජනාධිපතිවරය පැවසුවේය.
ඔහු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.