ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් බගවන්තලාව ප්රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණිය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
ජාතික ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (24) දින බගවන්තලාව සිරිපුර ප්රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්විමක් පවත්වා ඇති අතර, එම රැස්විමෙන් අනතුරුව දමිල ප්රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් දෙදෙනෙකු බගවන්තලාව නගරයේදි ජාතික ජන බලවේගයේ අපෙක්ෂකයන්ට ජන්දය ඉල්ලා වතුකරයට පැමිණියහොත් එසේ පැමිණෙන පිරිස කපා කොට මරා දමන බවට තර්ජනය කර ඇති බවට පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
– රංජිත් රාජපක්ෂ