gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හලාවත නිවසක එකම පවුලේ මව, පියා සහ දියණිය තියුණු ආයුධ වලින් පහරදී මරා නිවස තුළම පුළුස්සලා

එකම පවුලේ මව, පියා සහ දියණිය තියුණු ආයුධ වලින් පහරදී මරා නිවස තුළම පුළුස්සා දැමීමේ පුවතක් හලාවත මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ව්‍යාපාරිකයකු වන 51 හැවිරිදි එස්. සේනාරත්න (පියා) 44 හැවිරිදි මංජුලා නිරෝෂනී බණ්ඩාර (මව) සහ 15 හැවිරිදි ඒ. නෙත්මි නිමේෂා(දියණිය) යන අය වෙති.

මියගොස් ඇති නෙත් නිමේෂා දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

මෙම සිදුවීම ඊයේ (19) රාත්‍රියේ වන්නට ඇතැයි හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම නිවස ගිනි ගන්නා බවට අද (20) පෙරවරු හයට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් හලාවත මූලස්ථාන පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී නිවස තුළ ගිනි ගනිමින් තිබූ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිසිය වැඩිදුර පරීක්ෂා කිරීමේදී එසේ තිබූ සිරුරු කිසියම් තියුනු ආයුධයකින් පහරදී ගෙල කැපීම හේතුවෙන් මරණයට පත්කර ඇති ඒවා බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම මරණ වලට හේතුව කුමක්දැයි මෙතෙක් පොලිසිය අනාවරණය කරගෙන නොමැති අතර හලාවත මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(එස්. හේරත් සහ හිරාන් ප්‍රියංකර)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka