gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට දෝෂාභියෝගයෙන් බේරෙන්න තව පැය 24ක් තියෙනවා..

පාස්කු ඉරිදා මෙරටට එල් වූ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාට තවත් පැය 24ක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා.

එතකොට හෙට උදේ 10 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න.

හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලඝනය කරමින් හෙට උදෑසන වන විටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka