gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිරුණිකා ඉල්ලා අස්වෙයි… (video)

සමගි ජන බලවේගයේ “සමගි වනිතා බලවේගයේ” ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රීනී හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසූවාය. එලෙස එම තනතුරින් ඉල්ලා අස්වුවද පක්ෂය හැර නොයන බව එහිදී සඳහන් කළාය.
ඒ අනුව එළඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් තරග කරන බව වැඩිදුරටත් පැවසුවාය.

පසුගිය වකවානුව පුරාම සමගි ජන බලවේගයේ ඇතැම් පිළිවෙත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ බරපතල විසංවාදයක් ඇති වී තිබිණි. නාමයෝජනා ලබා ගැනිම දක්වා එම ගැටලුව උත්සන්න වුවද ඇයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැබුණේය.

විශේෂයෙන්ම හිරු රූපවාහිනි නාලිකාව සහ සමගි ජනබලවේගයේ නායකත්වය අතර පවතින බලපෑම් සහගත සම්බන්ධතාවය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පීඩාකාරී ලෙස බලපෑ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka