gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දමිතට වෙච්චි වැඩේ… නාමයෝජනා ලයිස්තුවෙන් අන්තිම මොහොතේ නම හලලා… රත්නපුරේ ගිය දමිතා හිස් අතින් එයි… (video)

ඊයේ තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන සන්ධානය නියෝජන කර මහ මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළ දමිතා අබේරත්න අද (11) නාමයෝජනා අත්සන් කිරීමට රත්නපුරයට ගිය විට නාමයෝජනා ලයිස්තුවේ තමන්ගේ නම නොමැති නිසා අපේක්ෂා භංගත්වයට පත් වී ඇතැයි වාර්තා වේ.
වාර්තාවන පරිදි ඇය රත්නපුර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයට යන තෙක් ඇයගේ නම නාමයෝජනා ලයිස්තුවේ නොමැති බව දැනගෙන සිට නැත.

ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට එම සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව සඳහා ද පසුගිය 08 දා අත්සන් තබා තිබුණ බව වාර්තා විය.

කෙසේ වෙතත් දමිතා අබේරත්නගේ නම රහිතව රත්නපුර දිස්ත්‍රික්කය සදහා තරග කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එම බලවේගයේ දිස්ත්‍රික් නායක හේෂා විතානගේ විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න වෙත භාර දී තිබේ.

මෙම නාමයෝජනා පත්‍රය රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතාට බාරදීමෙන් පසු වෙනත් නාමයෝජනා ලැයිස්තු මෙන් එහි ද පිටපතක් මහජන ප්‍රදර්ශනයට අලවා ඇත.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය මෙලෙස අදහස් පළකර තිබිණි. 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka