gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ප්‍රසන්නත් තරග කරන්න බෑ කියයි ; ගෝඨාගේ පෞද්ගලික ලේකම් සිලින්ඩරයෙන්

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු පෙරේදා දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද ඊයේ දැනුම් දී ඇත්තේ තමා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

කෙසේවුවද මීට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටි එක්සත් ජාතික පක්ෂ නායක රුවන් විජේවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීම සඳහා ඊයේ (10) දිනයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

‘සිලින්ඩරය’ ලකුණ යටතේ ඉදිරිපත්වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකත්වය දරන්නේ ද රුවන් විජේවර්ධන මහතා බැව පැවසේ.

ගම්පහ සිලින්ඩරයේ නාම යෝජනා ලයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ඇතුළත් නොවීම නිසා එජාප ආධාරකරුවන් විසින් රුවන් අමතා “අපිට ඡන්දය දෙන්න කියන්නේ පොහොට්ටුවේ අයටදැයි” කළ විමසීමත් සමඟ මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

සගීෂ්වර කොළඹට

නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ සමග එක්ව ඇතැයි පැවසේ.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ හිටපු පුද්ගලික ලේකම්වරයා වූ ඔහු මෙවර මැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතය.

ඊට අදාල නාම යෝජනා පත්‍රයට ඔහු කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේදී පෙරේදා (09) අත්සන් තබා තිබිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka