සොයාගත් මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවෙයි.. ලොහාන් පවුල පිටින්ම පලා යයි..
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳත් පුත්‍රයාත් ආගිය අතක් නැති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ගේ ජංගම දුරකථනද විසන්දි වී ඇති බවද සඳහන්ය.
මිරිහාන ඇඹුල්දෙනය ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක තිබියදී ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනිමින් පසු ඔවුන් මෙසේ අතුරුදහන් වී තිබේ.
අදාළ මෝටර් රථයේ චැසි හා එන්ජින් අංක සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ එය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවය.
-lankacnews
සොයාගත් මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවෙයි.. ලොහාන් පවුල පිටින්ම පලා යයි..
2024-10-31T11:57:00+05:30
Gossip Lanka Hot News






