රන්ජන් ජනපතිට යැවූ රහස් හසුනක් සමාජ ජාලවල පාවේ..
ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවෙන් ඇත. ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි.
එම ලිපිය සමාජ ජාලවල හුවමාරුවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා කියා සිටී.
අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද හෙතෙම කියා සිටී.
නමුත් එය තමන්ට නොතේරෙන්නේ නැතැයිද පැවසූ ඔහු තම පක්ෂයට අද බොහෝ දෙනෙක් බිය වී සිටින බවත් පැවසුවේය.
රන්ජන් ජනපතිට යැවූ රහස් හසුනක් සමාජ ජාලවල පාවේ..
2024-10-31T12:24:00+05:30
Gossip Lanka Hot News






