දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සමක් අද (29) ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් විනිසුරු මඩුල්ල, අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කළේය.
එමෙන්ම පසුගිය 21 වැනිදා ද මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තර කරුවෙක් ලෙස රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවරස දුන්නේය.
ඒ් 2022 සැප්තැම්බර් 22 දා සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දී ය.
එස්. තුරෙයිරාජා, කුමුදිනී වික්‍රමරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාල පෙත්සමේ වගඋත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට අවශ්‍ය බවත් ඊට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලිමට ද විනිසුරු මඬුල්ල අවසර දී තිබිණි.
-lankasara