මහා සංගීතඥ කේමදාසයන්ගේ දුවට කැත වැඩක් කළා! ගෙදර ඉන්න සේවකයට බරපතළ හිංසනයට ලක් කළා! චෝදනා ගොඩක් තියෙන බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් බෝගොල්ලාගමව ලංකාවට ගෙන්වන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! විමර්ශනයකටත් සූදානම්!
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ ප්‍රශ්නකාරී හැසිරීම සම්බන්ධව මෙන්ම දේශපාලන පත්වීම් ලෙස විදේශීය දූත මණ්ඩලවලට පත්වීම් ලද පුද්ගලයන් සම්බන්ධව විමර්ශනයක් සිදුකර ඉදිරි පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, විදේශ අමාත්‍ය විජිත හේරත් අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
එක්සත් රාධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධව සහ ඔහුගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැනනගිමින් ඇති බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා එහිදී කියා සිටියා.
මහකොමසාරිස්වරයෙක් යනු රටක නියෝජනයක් බැවින් එක්වරම සිදුකරන හදිසි කැඳවීම් රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සඳහා ගැටලු මතුකරන බැවින් කෙටි කාලසීමාවක් තුළ මෙම මහකොමසාරිස්වරයා සම්බන්ධව පියවර ගන්නා බවත්, රජය කිසිම අවස්ථාවක කිසිවෙක් ආරක්ෂා නොකරන බවත් විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළා.
-lankasara
මහා සංගීතඥ කේමදාසයන්ගේ දුවට කැත වැඩක් කළා! ගෙදර ඉන්න සේවකයට බරපතළ හිංසනයට ලක් කළා! චෝදනා ගොඩක් තියෙන බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් බෝගොල්ලාගමව ලංකාවට ගෙන්වන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! විමර්ශනයකටත් සූදානම්!
2024-10-29T22:18:00+05:30
Gossip Lanka Hot News