මාන්නපෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉවත්වෙයි.. සජිත්ට කුණු බැනුම් බනිමින් මාධ්‍ය හමුවක්.. (video)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා අද පෙරවරුවේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය.
ඔහු එහිදී කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද මෙවර මැතිවරණයට තරඟ නොකරන බවයි.
එනිසා තමන්ට මනාප ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කර ඇති බවද පැවසූ ඔහු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි චෝදනා එල්ල කරන ලදී.
මාන්නපෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉවත්වෙයි.. සජිත්ට කුණු බැනුම් බනිමින් මාධ්‍ය හමුවක්.. (video)
2024-10-12T16:05:00+05:30
Gossip Lanka Hot News






