හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද විශේෂ පුවතක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. ඒ, මහින්ද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවූ සිදුවීමකි.
ජනාධිපති ධුරය දරන සමයේ එම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව වරප්‍රසාදයක් ලෙස මහින්ද එහි ගමන් බිමන් සිදුකළේ නොමිලේය. නමුත් 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු වරක් මහින්ද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙන් පසු එහි මුදල් අයකරන්නකු විසින් මහින්දට මුදල් ගෙවන ලෙස දැනුම්දීමක් කර තිබිණි. මහින්ද ඒ මොහොතේම කළේ එවක මහාමාර්ග අමාත්‍යවරයා වූ කබීර් හෂීම්ට කතාකොට ඒ පිළිබඳ දැනුම් දීමය. ඒ අනුව වහාම කබීර්ද මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කතාකොට හිටපු ජනාධිපති මහින්දට දිගටම අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව සපයා දී තිබිණි.
නමුත් පසුගිය සතියේ නැවත වතාවක් මහින්ද අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණෙද්දී ඔහුගේ රථය නවතා අයතැමියන් මුදල් ඉල්ලීමට කටයුතු කොට තිබිණි. අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ එහිදී මහින්ද, ‘අයිසේ මමයි මේවා හැදුවේ. මගෙන් සල්ලි ගන්නේ කොහොමද?’ යනුවෙන් කෝපයෙන් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. මෙහිදී අපට ඇති එක් තොරතුරකින් කියැවුණේ මහින්ද කෝපයෙන් යුතුව මුදල් නොගෙවාම එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවකි. තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ අයකැමියා විසින් මහින්දගෙන් මුදල් අයකරගෙන තිබූ බවකි.
රාජ්‍ය රහස්