gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරුගම්බේ ප‍්‍රහාර සැලසුම ඉරානයේ සිට - සැකකරුවන් වමාරති!

ඇමරිකානු අනතුරු හැඟවීම හමුවේ මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ගමන් බිමන්වලදී හා ඔවුන් රැඳී සිටින ස්ථානවල ආරක්ෂාවට බුද්ධි අංශවල සහාය ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (24 වැනිදා) වන විට තවත් ඊශ්‍රායල් සංචාරක කණ්ඩායම් දෙකක් මෙරටට පැමිණි අතර ඊයේ (24 වැනිදා) උදෑසන වන විට ඊශ්‍රායල් සංචාරකයන් හතලිස් දෙදෙනකු මෙරටින් පිටව ගොස් තිබිණි.

සංචාරක හෝටල්වල සිට කොළඹට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් සංචාරක ඒජන්සි මගින් කරන ඉල්ලීම් මත පොලිසිය හා බුද්ධි අංශ එක්ව කටුනායක ගුවන්තොටුපොළ දක්වා විශේෂ ආරක්ෂාවක් සපයා දී ඇත.

සංචාරයට පෙර සැලසුම් කර තිබූ පරිදි ඊශ්‍රායල් කණ්ඩායම් දෙකක් ඊයේ (24 වැනිදා ​) උදෑසන පිටව ගොස් තිබිණි.

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්හට තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි අංශ කළ අනතුරු හැඟවීම පසුගිය සැප්තැම්බර් 17 වැනිදා මෙරටට ලැබී ඇත. ජනාධිපතිවරණයට පෙර ලද එම තොරතුරට අනුව එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 19 දා ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක්ද කැඳවා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කර තිබුණි.

ක්‍රියාත්මක කළ එම අරක්ෂක මෙහෙයුම අඛණ්ඩව කරගෙන ගොස් තිබූ අතර නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුවත් ආරක්ෂක කවුන්සිලය රැස්කර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් සිටි බවට සැකපිට අල්ලාගත් තිදෙනාගෙන් දෙදෙනකු හෙරොයින් ජාවාරමක් සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරයේ 2019 සිට රඳවා 2022 දී නිදහස් වූවන් බව හෙළි වී තිබේ.

ඉරාණයේ සිටින පුද්ගලයකු විසින් මෙම දෙදෙනා මෙහෙයවා තිබේ. මාලදිවයින් ජාතිකයා දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ මාතලේ ප්‍රදේශයෙනි. එහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන අතර රුපියල් ලක්ෂ පහක් ගෙවන පදනම මත ඔහු මෙම කණ්ඩායමට එක්කරගෙන තිබේ.

මාලදිවයින් ජාතිකයා හා අනෙක් සැකකරු දින පහකට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයා පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගැනිණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙම තිදෙනා රඳවා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබේ.

ඊශ්‍රායල් ජාතිකයන් බියවැද්දවීම සඳහා යම් දෙයක් කිරීම හැර විශාල විනාශයක් කිරීම මොවුන්ගේ අරමුණ නොවූ බවත් හෙලිව ඇත.

සුරංග රාජනායක – ගම්පොළ
– Aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka