රනිල් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න.. අපි මේ රට හදනවා - ජනපති
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“මං දැක්කා මේ හිටපු ජනාධිපතිවරයා හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා, එතුමා මේ සල්ලි වෙන්කරාලු පඩි වැඩි කරන්න. එක්කෝ පඩි වැඩි කරන්න ඕනලු. නැත්නම් ඒ සල්ලි වලට මොකද වුණේ කියලා කියන්න ඕන.
එතකොට ඒ මුදල් වෙන්කිරීම් සිද්ධවෙන්නේ අයවැය ලේඛනයෙන් එහෙම නැත්නම් පසුව ගේන අතුරු සම්මත ගිණුම් හරහා අපිට වැඩි කරන්න පුළුවන්. තැපැල් ඡන්දේ තිබුනේ හතර.
සැප්තැම්බර් තුන්වෙනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා. සල්ලි වෙන් කරලා තිබ්බේ නැහැ. හැබැයි හිටපු සල්ලි වෙන් කරේ නැති වුණාට වර්තමාන ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ.
දැන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න. එක එක අර නිකන් කොනිත්තන වැඩ, ඒවා නොකර ඉන්න. අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ.”
පුත්තලම පැවති ජාතික ජන බලවේග ජන රැළියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.
රනිල් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න.. අපි මේ රට හදනවා - ජනපති
2024-10-25T09:23:00+05:30
Gossip Lanka Hot News





