දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරියවන සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායකව සිටි සජිත් ප්‍රේමදාසගේ මවවන හේමා ප්‍රේමදාස වෙත පසුගිය අවුරුද්දේ 2023 01.01 සිට 2024.10.07 දක්වා මාස 22ක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙලක්ෂ පනස් දහසක් වටිනා ඉන්ධන කූපන් පත් නික්තු කර ඇතැයි වාර්තා වේ.
දල වශයෙන් මාසයක් සඳහා රුපියල් එක් ලක්ෂ හතලිස් හත් දහක් ඉක්මවා ඇති මෙම ඉන්ධන බිල ගෙවනු ලබන්නේ විශ්‍රාමික විධායක ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් වශයෙන් මාසිකව හිමිවන දීමනාව අනුවය.
මාසයේ මුල් දිනට ඉන්ධනවල පවතින වෙළෙඳපල වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්මවා නොයන පරිදි අදාල කාල සීමාව තුළ ඉන්ධන කූපන් පත් නිකුත් කරනු ලැබේ.
ඒ අනුව ජනවාරි 15 වැනිදා සිට මේ දක්වා තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් හිටපු ජනාධිපති “ආර්යාව”ගේ ඉන්ධන සඳහා පමණක් වැය කර ඇති අතර මේ වනවිට විශ්‍රාමිකව සිටින පළවාහළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අන්තර්කාලීන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන සියලුම පුද්ගලයින් නඩත්තු වෙමින් ඇත්තේ මහජන මුදලිනි.
ඔවුන්ගේ නිල නිවාස, ඉන්ධන ඇතුලු නඩත්තු දීමනා වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරන අතර මේ නඩත්තුව නතර කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ඉදිරි පාර්ලිමේන්තුවේ දී ප්‍රමුඛතාවය ලබා දී අණ පනත් වෙනස් කර කටයුතු කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දී ඇත.