අපේ පක්ෂයේ සැලුන් දොරක් නෑ... තියෙන්නේ පෙනේරයක් – රංජන් රාමනායක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බව එහි නායක, රංජන් රාමනායක මහතා පවසනවා.
මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටලයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි රංජන් රාමනායක මහතා අවධාරණය කළේ.
ඒ අනුව තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් තරඟ කරන බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.
අපේ පක්ෂයේ සැලුන් දොරක් නෑ... තියෙන්නේ පෙනේරයක් – රංජන් රාමනායක
2024-10-23T15:50:00+05:30
Gossip Lanka Hot News





