පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ යටපත් කිරීමට ඇතැම් කුලී කොන්ත්‍රාත්කරුවන් මේ වන විට විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ඇතැම් පුද්ගලයින් සැබෑ වරදකරුවන් සැඟවීම සඳහා විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය බලය ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව භාවිතා කළ අය අද නැවතත් නින්දෙන් අවදි වී විවිධ ප්‍රකාශයන් සිදු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහ පාලනයේ වාර්තා මිස විමර්ශන වාර්තා නොවන බවත් එම වාර්තා කිසිවක් රහස්‍ය වාර්තා නොවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
පසුගිය ආණ්ඩුව ඇතැම් කමිටු නිර්මාණය කරන ලද්දේම මෙම පරීක්ෂණ යටපත් කිරීමේ අරමුණින් නිසා ප්‍රහාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අරඹන ලෙස රහස් පොලිසියටත් පොලිස්පතිවරයාටත් උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,
“විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්‍රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා. දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා.
2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා.
ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා.
රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා.
අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න. මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි. ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ, ඒවාට හිරවෙන්නෙත් නැහැ.
අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවාද හංගන්න තියෙන්නේ.? කවුද බේරන්න තියෙන්නේ.? ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ.”
ජාතික ජන බලවේග ප්‍රචාරක ජන රැළි මාලාවේ කටුනායක පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.