ඉරානය විසින් ඊශ්රායලයට එල්ල කළ මිසයිල ප්රහාරයට දරුණු ප්රතිවිපාක අත් විඳීමට ඉරානයට සිදුවන බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්රායලයට සහාය ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරයි.
ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල විනාශ කිරීමට අමෙරිකානු යුද නෞකා සහාය ලබාදුන් බවත් ඊශ්රායලය ආරක්ෂා කිරීම සඳහා කලාපයේ සිටින ඇමෙරිකා හමුදාව වෙත තමන් නියෝග කළ බවද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරයි.
ඉරානයෙන් ඊශ්රායලයට එල්ලවූ මිසයිල ප්රහාරය සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට ඇමෙරිකාව සහ ඊශ්රායල ආරක්ෂක හමුදාවන්ට හැකියාව ලැබුණු බවත් පවතින තත්ත්වය හමුවේ ඊශ්රායලයට පූර්ණ සහාය ලබාදෙන බවද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරයි.
ඊශ්රායලය විසින් ඉරානයට දක්වන ප්රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් ටෙහෙරානයට අත් විඳීමට සිදුවන ප්රතිවිපාක ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කරයි.
ඉරානයේ මිසයිල විනාශ කිරීමට ඇමෙරිකානු හමුදාවට ජනාධිපති බයිඩන් දුන් නියෝගය තමන් අනුමත කරන බවත් ඉරානය යනු අස්ථාවර භයානක බලවේගයක් බවද අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.