ලංසාගේ ඡන්ද වැඩට ගිය නගර සභා බඩියන් 8කගේ පඩි පතට තට්ටුවෙයි
මීගමුව මහ නගර සභාවේ සේවය කරනු ලබන සේවකයන් අටදෙනෙකු සිය සේවා මුරයට අත්සන් කොට නිමල් ලංසාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහයදීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් අත්හිටුවිමට අදාල බලධාරින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය කම්කරුවන් මෙන්ම තවත් අයද පසුගිය කාලය තුල සේවා කාලයේදී ලංසලාගේ මැතිවරණ කටයුතු වලට හවුල්වී ඇති බවට මේවන විට පැමිණිලි ලැබී ඇතැයි පැවසේ.
ඉන් අයකු මිගමුව මහනගර සභා භුමිය තුල සිය රාජකාරි වෙලාවේදි මාධ්‍යවේදියෙකුට පහර දිම හේතුවෙන් මාස ගණනක් සිරගතව සිටි යකු බවත්, ඔහු ලංසා පවුලට ඉතා කිට්ටු අයෙකු බවත් පැවසේ.
මූලාශ්‍රය – මීපුර
ලංසාගේ ඡන්ද වැඩට ගිය නගර සභා බඩියන් 8කගේ පඩි පතට තට්ටුවෙයි
2024-10-30T17:33:00+05:30
Gossip Lanka Hot News






