අභිරහස් ඝාතන සැලසුමක් ගැන ශානි හෙළිකරයි
රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් තමාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පෙත්සමක් ගොනුකර ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඒ අනුව හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස (09) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (01) නියෝග කර ඇත.
අභිරහස් ඝාතන සැලසුමක් ගැන ශානි හෙළිකරයි
2024-09-05T07:07:00+05:30
Gossip Lanka Hot News






