නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය (04) දින නියෝගයක් නිකුත් කර ඇත.
එම සිද්ධියට සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් අධිකරණය මගහැර විදෙස් රටවලට පළා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දැක්වීය.