gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ ජීවිතය අනතුරේ.. මොනවහරි වුණොත් රනිල් වගකිව යුතුයි... මුජිබර් සියල්ල වමාරයි

මනුෂ නානායක්කාර සහ අස්ලාම් නම් පුද්ගලයෙක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් අවුරුදු පහක් පුරාවට අපරාධයකට සැකකරුවෙක් ලෙස ඉන්න පුද්ගලයෙක් මුණ ගැසී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සදහන් කරයි.

තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් ඊට රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බවත් මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වීම සඳහා බවත් හෙට මේ කුමන්ත්‍රණයට අද‍ාලව සියලුම තොරතුරු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

මන්ත්‍රී මුජිබර් රහුමාන් තවදුරටත් සදහන් කළේ,

“මීට දවස් තුනකට කලින් මනුෂ නානායක්කාරයි අස්ලාම් කියලා පුද්ගලයෙක් වැලිකඩ හරිමාන්ඩ් බන්ධනාගාරයට ගිහින් අවුරුදු පහක් තිස්සේ අපරාධයකට සැකකරුවෙක් ලෙස ඉන්න සැකකරුවෙක්ව මුණ ගැහිලා තියනවා. ඒ සැකකරුවා මුණ ගැසිලා ඔවුන් ඒ සැකකරුට කොළඹ ගෙයක් දෙන්න වාහන දෙන්න තව මුදල් ලබා දෙන්න ඔහුට එළියට එන්න ඇප ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරන්නම් කියලා ඔහුට කියලා තියනවා මට විරුද්ධව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා.

ගරු සභාපති තුමනි. මොකක්ද ප්‍රකාශය. ඒ අපරාධයට ඔහුව අත් අඩංගුවට අරගෙන ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයෙ තබන් ඉන්නවා. ඒ සම්බන්ධව මටත් සම්බන්ධතාවයක් තියනවා කියලා ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලා තිබෙනවා. මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එම සිරකරු මුණගැසිම සම්බන්ධව මගේ ලඟ සාක්ෂි තියනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද මම පහුගිය කාලය පුරාම විශේෂයෙන් සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන් ඉඳලා වැඩ කරන මන්ත්‍රීවරයෙක් බව ගොඩක් දෙනෙක් දන්නවා.

ඒ වගේම කොළඹ නගරයේ අපේ පක්ෂය වෙනුවෙන් දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක්. ඔවුන්ට මේක උහුලා ගන්න බැරිව මොකක් හරි දෙයකට මාව පටලවලා මාව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න. එහෙම නැතිනම් ජීවිතය ට හානියක් කරන්න මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට, මම දන්නේ නෑ රනිල් වික‍්‍රමසිංහ මහත්මයට ඕන ද කියලා. මට තේරෙනවා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් වී යනවා.

මම ඒ පිළිබඳව නිකම් කතා කරන්නේ නෑ. මම ඒ පිළිබඳව සාක්ෂි හෙට උදේට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. මොකද මගේ ජීවිතයට මොකක් හරි අනතුරක් වුනොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගකියන්න ඕන කියලා මම ප්‍රසිද්ධියෙ කියනවා. මම ලැජ්ජා වෙනවා රනිල් වික‍්‍රමසිංහවගේ කෙනෙක් එක්ක අවුරුදු 15ක් මේ රටේ නායකයා කරන්න අපේ ජීවිත පරිත්‍යාග කරලා වැඩ කිරීම ගැන.

ඡන්දය පටන් ගන්නකොටම කිව්වා ජනාධිපති තුමා… අපි නීතියට අනුව ඡන්දය කරමු කියලා. දැන් කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරන්න හදනවා කියලා තමයි මට තේරෙන්නේ. මම අවුරුදු 30කට ආසන්න කාලයක් කොළඹ දේශපාලනය කරන කෙනෙක්. අද වෙනකම් කිසිම පොලිසියක මට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ඇවිත් නෑ.”

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka