ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදවච්චිය කිරිගල්ලෑලව ප්‍රදේශයේ පිහිටුවා තිබූ මැතිවරණ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසන්නේ මෙම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
තම පරාජය දරා ගැනීමට නොහැකිව මෙවන් ආකාරයේ කටයුතු කරමින් එම පිරිස් ජනතාව බියට පත් කරනා බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ග්‍රාමීය මට්ටමේ භීෂණය පතුරුවමින් ජනතා විමුක්ති පෙරමුණ තම නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටිනා බව පැවසූ මන්ත්‍රීවරයා තම මතවාද වලට අහිංසක ජනතාව අවනත නොවන තැන්වලදී මෙවැනි ක්‍රියා සිදු කරනා බව වැඩිදුරටත් සඳහන් කළේය.