ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා ගමන් බිමන් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථ භාවිත කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය අදහස් පළ කළාය.
සුඛෝපභෝගී වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල දිසානායක මහතා වෙත විරුද්ධ පාර්ෂවයන්ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක් ගැනීමට පක්ෂයට සිදුව ඇති බවයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ රටේ මීලඟ ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම පක්ෂයට වැදගත් බවයි.
කෙසේ වෙතත් අනුර දිසානායක මහතා කුමන වාහනයක් භාවිත කළද ඒ සඳහා වන වියදම පක්ෂය විසින් දරනා බැවින් එය කිසිවිටෙකත් මහජන මුදල් අවභාවිත කිරීමක් නොවන බවත් එහිදී ඇය අවධාරණය කළාය.