පොහොට්ටුවේ දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්රමසිංහ මහතාට සහය ලබා දීමට පැමිණියත් කිසිවිටකත් තමන් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.
88-89 භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද මරා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදෙසා තම දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවත් ඇය සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කර තිබේ.