තමන් ඉල්ලා අස්වෙන මිනිහෙක් නොවන බව සමගි ජන බලවේගය දැනගත යුතු බව රනිල් වික්‍රමසිංහ පැවසීය. තමන් සජිත් ප්‍රේමදාස මෙන් රනින් ෂූස් දමා දුවන පුද්ගලයෙක් නොවන බවත් නැවත තමන් සමග එක් වීමට පැමිණියහොත් සජිත්ට උගන්වන්න නොහැකි වුන දුවන් නැතිව ඉන්නේ කෙසේ දැයි ඉගැන්විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පෙරවරුවේ මහනුවර නගරයේ පැවති ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කරන පුලුවන් ශ්‍රි ලංකා ජන රැළිය අමතමිනි.
ප්‍රධාන වශයෙන් ඉන්න අපි තුන්දෙනාම මීට පෙර අපි ජනාධිපතිවරණවලට ඉල්ලා තියනවා. අපි තුන්දෙනාම තේරුණේ නෑ, 2022 දි මම පාර්ලිමේන්තුවට ආවෙත් නෑ.
2022 දි ආර්ථිකය කඩා වැටුන අවස්ථාවේදි, අරගලය ඇතිවුන අවස්ථාවෙදි මම රට බාර ගත්තා. මම තනියම බාර ගත්තෙ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මට ඒ සහයෝගය දුන්නේ නෑ, ඒ වෙනුවට පොහොට්ටුවෙන් කැඩුන ජී.එල් පීරිස් මැතිතුමා එක්ක එකඟ වෙලා ඩලස් අලහප්පෙරුමට සහයෝගය දුන්නා ජනාධිපති වෙන්න. එයා ලෑස්ති වුනා අගමැති වෙන්න. ඉතින් ඔය අගමැතිකම මගෙන් ඉල්ලුවා නම් මට දෙන්න තිබුණා මේ අයට කතා කරලා. දොලදුක මම කොහොම ද දන්නේ.
අද ගිහින් පොරොන්දු වෙනවා හැම එකක්ම නොමිලේ දෙන්න. ඇයි එදා මේක බරාගත්තේ නැත්තේ. අන්න ඒකයි මට අහන්න තියෙන්නේ.
අනුර කුමාර මන්ත්‍රි තුමා කියනවා මේ නිර්ධන පන්තිය අතහැරලා දාලා ඉන්නේ කියලා රටේ දේශපාලඥයො. ඉතින් ඔච්චර කැක්කුමක් තිබ්බා නම් නිර්ධන පන්තිය එක්ක ඇයි මේක භාරගත්තෙ නැත්තෙ.
දැන් කියනවා සජබෙන් මම ඉල්ලා අස් වෙනවලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕන මම ඉල්ලලා අස් වෙන මිනිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ල වාගේ රනින් ෂූස් දාලා දුවන මිනිහෙක් නෙමෙයි කියලා. මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවෙදි එකතු වෙන්න.
සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් එන්න කියනවා මට උගන්වන්න බැරිවුන එක දෙයක් උගන්වන්න… දුවන්නේ නැතිව ඉන්න.
