රත්නපුර ලොර් රථගාලේ පෙරේදා (14) පැවැත්වෙමින් තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට පැමිණ වේදිකාවට ගොඩවුන පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේට එල්ල වූ බරපතල විරෝධතාවය හේතුවෙන් ඔහුට වේදිකාවෙන් බැස යන්නට සිදුවූ සිද්ධියක් රත්නපුරයෙන් වාර්තා වේ.
රැළිය පැවැත්වෙමින් තිබිය දී හිටි අඩියේ සිය සාමාජිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවුන සුසන්ත පුංචිනිලමේට විරෝධය දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු සංවිධායකවරු කීපදෙනෙක් වේදිකාවෙන් බැස ගොස් තිබේ. මේ සමගම රැස්වීම භූමිය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වන්නට පටන් ගෙන ඇත.
මේ දැඩි විරෝධතාවය පසුබිමෙහි නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් බැස ගොස් යළිත් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කර වේදිකාවෙන් බැස ගොස් තිබේ.
සජිත් ප්‍රේමදාස රැළිය අමතන අවස්ථාව වනවිට සුසන්ත පුංචිනිලමේ වේදිකාවේ සිට නැත.
අනතුරුව යළි වේදිකාවට ගොඩවුන ශේෂා ඇතුළු පිරිස අවධාරණය කරමින් ප්‍රකාශ කළේ රැල්ලට ගසාගෙන එන කූඩැල්ලන් යළිත් සමගි ජන බලවේගයට වැද්ද නොගන්නා බවය.