ප‍්‍රබල අපේක්‍ෂකයෙක් සංවාදයක් පටිගත කර සජීව ලෙස විකාශය කරන්න යයි
මෙවර ජනාධිපතිවරණයට තරග වැදී සිටින ප්‍රධාන අපේක්ෂකයෙකු සහභාගී වෙන රූපවාහිනී වැඩසටහනක් සජීවී විකාශය කිරීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවට වාර්තා පල වෙයි.
ඒ අනුව එම වැඩසටහන පෙර පටිගත කරන පසුව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම වාර්තා වන්හි සඳහන්ය.
මෙම අපේක්ෂකයා මෑතකදී කිසිදු වූ සජීව සංවාදයකට සහභාගි වී නොමැති අපේක්ෂකයෙකු වන අතර අදාල නාලිකාව සජීව විකාශය සඳහා මුලින් සූදානම් වී සිටි නමුත් පවතින තත්ත්වය මත එය පෙර පටිගත කිරීමේ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට සූදානමක පවතී.
කෙසේ වෙතත් පෙර පටිගත කරන ලද වැඩසටහනක් සජීවී විකාශයක් ලෙස විකාශය කිරීමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දැනටමත් සදහන් කර තිබේ.
ප‍්‍රබල අපේක්‍ෂකයෙක් සංවාදයක් පටිගත කර සජීව ලෙස විකාශය කරන්න යයි
2024-09-16T07:11:00+05:30
Gossip Lanka Hot News





