ජනපතිගේ බලය ගලවයි!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයක ප්‍රමුඛ කටයුත්තක් යයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
‘අද ඔබ මේ රටේ අවසන් විධායක ජනාධිපතිවරයා පත් කර තිබෙනවා. තවදුරටත් විධායක ජනාධිපතිවරු බිහි නොවනු ඇත. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි’ යයිද හෙතෙම පැවසීය.
දේශපාලකයන්ට පිරිනැමෙන වරප්‍රසාද විශාල වශයෙන් කපා හැරීමට කටයුතු කරන බවත් පැවසූ ඔහු ‘ජනතාවට අනවශ්‍ය දේ දේශපාලනඥයන්ට අවශ්‍ය නොවන බව අපි ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. අපි ඒ පොරොන්දුව රකිනවා’ යැයිද කියා සිටී.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.
ජනපතිගේ බලය ගලවයි!
2024-09-24T07:07:00+05:30
Gossip Lanka Hot News






