ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවරට ගොස් දළඳා සමිදුන් වැඳපුදාගෙන අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දුටුවේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, ජනතාව ඉල්ලා සිටි වෙනස සිදු කිරීමට තමන් සූදානම් බව මහනාහිමිවරුන්ට දැනුම් දුන් බවයි.
සෑම ක්ෂේත්රයකම වෙනසක් ඇති කිරීමට සියලු පාර්ශවල සහාය ලබාගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක සදහන් කළේ,
“ලිහල බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕන්නෑ. තව දවස් දෙකක් විතර බලාගෙන ඉන්න.”