බෙදී වෙන්වී සටන්කිරීමේ ප්‍රතිඵලය අපට ලැබී තිබේ.
මීට වසර 5කට පෙර එකම කඳවුරේ සිටි රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙන්වෙන්ව තරඟ කර පිලිවෙලින් ඡන්ද 2,299,767ක් සහ 4,363,035ක් ලබාගෙන ඇත. එහි එකතුව ඡන්ද 6,662,802කි. එය ජයග්‍රාහී අපේක්ෂක අනුර දිසානායක ලබාගත් ඡන්ද ප්‍රමාණය වන 5,634,915ට වඩා, දසලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයකි.
නමුත් බෙදී වෙන්වී සටන්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රනිල් සහ සජිත් දෙදෙනාම සහ ඔවුන් දෙදෙනාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වූ සියළු දෙනාට පරාජය හිමිවී තිබේ.
වසර දෙකකට ආසන්න කාලයක් පුරා මේ දෙදෙනා එක්කිරීම සඳහා මම හැකි සෑම උත්සාහයක්ම ගතිමි. නමුත් ඒ එකදු උත්සාහයක්වත් සාර්ථක වූයේ නැත. දැන් දෙදෙනාම පරාජය වී ඇත.
පරාජය වී ඇත්තේ ඔවුන් දෙදෙනා හෝ ඔවුන් දෙදෙනාගේ ජයග්‍රහණය පැතූ අය පමණක් නොවේ. පසුගිය වසර දෙක පුරා ගොඩනඟාගෙන පැමිණි ආර්ථික වැඩපිලිවෙල ද පරාජයට පත්වී ඇත. එම පරාජය රටේ පරාජයකි.
එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ අයුරින්ම වෙන්ව පරාජය වනවාද ?
එසේත් නැත්නම් එක්ව ජයග්‍රහණය කරනවාද? කියා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස නායකවරුන් දෙදෙනාට නිදහසේ කල්පනා කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබේ.
හැටහයලක්ෂයක ජනතාවක් ඒ තීරණය දෙස උවමනාවෙන් බලාසිටියි.
ලංකා ඉතිහාසයේ පළමුවරට සුළුතර ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර දිසානායක මහතා "මෙම ජනවරම සැබෑ ලෙස තේරුම්ගෙන රටේ ආර්ථිකය සම්බන්ධව අත්හදා බැලීම් නොකර, තවත් ගෝටාබය කෙනෙකු බවට පත්නොවී, ඡන්දය දුන් නොදුන් සියළු ජනතාවගේ ජනජීවිතය, මේ මට්ටමින් පහළට යා නොදී රැකගන්නා නායකයෙකු වේවා" යන්න මාගේ ප්‍රාර්ථනාවයි !
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න
(පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)