කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පෙරේදා සවස් වරුවේ සිට ගුවන් හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් සලසා ඇත. ඊට හේතුව වූයේ ජනාදිපතිවරනය අනුර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට විවිධ චෝදනා ලබා සිටිනා පිරිස් විශාල වශයෙන් රටින් පිටවීමට කටයුතු කිරීමයි.
කෙසේවෙතත් මේ වනවිට මෙරට දේශපාලකයින්, දේශපාලන ක්‍රියාකාරකයින් සහ දේශපාලකයින්ගේ පවුලේ සාමාජිකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බව වාර්තා වෙයි.
එසේ මෙරටින් පිටත්ව ගිය පුද්ගලයින් වන්නේ,
හිටපු අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ – ඉන්දියාවේ චෙන්නායි බලා
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර – තායිලන්තයේ බැන්කොක් බලා
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි – හොංකොං රාජ්‍ය බලා
නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇගේ පියා තිලකසිරි වීරසිංහ – ඩුබායි රාජ්‍ය බලා
නාමල් රාජපක්ෂගේ බිරිඳගේ මව සහ නාමල් රාජපක්ෂගේ දරු දෙදෙනා – ඩුබායි රාජ්‍ය බලා.
උමන්දාවේ සමන්ත බද්‍ර හිමි – දකුණු කොරොයාව බලා
ගෝඨාභය රාජපක්ෂ – ඉන්දියාව බලා
බැසිල් රාජපක්ෂ – ඩුබායි බලා
ගායක ඉරාජ් වීරරත්න – ජපානය බලා