ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (21) දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදාගෙන එය මැඩපවත්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.
මේ අතර රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කර ඇත.
දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන ආශ්රිත ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 80,000කට අධික පිරිසක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.