gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිහඬ කාලය විහිලුවක් කරගෙන සමාජ මාධ්‍යජාලා ඔස්සේ පට්ට කෙබර පතුරුවන කොන්ත්‍රාත් කරුවන්ට අනතුරු ඇඟවීමක්!

සම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍යය සම්බන්ධව දිගටම පසුවිපරමකින් පසුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මැතවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පවසන්නේ පවතින නිහඬකාලය තුල පනවා ඇති නෛතික රාමුව බිඳ හෙළමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා ජනාධිපති ධූර අපේක්ෂකයින්ගේ ප්‍රතිරූප බිඳ දමමින් පිළිතුරු ලබා දිය නොහැකි පරිසරකයක් තුළ විවිධ ප්‍රචාරක මෙහෙයුම් දියත් කරමින් ඇති වටපිටාවක් තුළය.

ඔහු පවසන්නේ මේ තත්ත්වයන් නිරික්ෂණය කරමින් ඇති බවත්,  දැනට සමාජ මාධ්‍යතුළ හැසිරීම නිරික්ෂණය කිරීම සඳහා ආරම්භ කර ඇති තාක්ෂණික ආයතන සමගවන ගනුදෙනු දිගින් දිගටම පවත්වාගෙන යන බවත්ය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මොනයම් හෝ තාක්ෂණයක් භාවිතා කරගෙන මිනිසුන්ගේ පරමාධිපත්‍ය සම්බන්ධ කාරණය නැවත නැවතත් විහිළුවකට ලක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

එමෙන් ව්‍යාජ තොරතුර පැතිරවීම සම්බන්ධව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය දැඩි විමසීමකින් සිටින බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

“එවැනි අපරාධ සම්බන්ධව නිරීක්ෂණය කරමින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් එ් පොරොත්තු සේවයේ ඉන්නවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හෝ වෙනත් ආකාරයකට අනීතික තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන්නේ නම් ඒ සම්බන්ධව දැඩිව කටයුතු කරනවා. පැමිණිලි ලැබුනොත් ඒ සම්බන්ධවත් කටයුතු කරනවා. ” නීතිඥ නිහාල් තල්දූව පැවසුවේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka