ප‍්‍රබල ජනාධිපති අපේක්‍ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක්!
මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රබල අපේක්ෂකයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඇති තොරතුරක් පිලිඳිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් වාර්තාවක් මගින් කරන ලද දැනුම් දීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.
ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇතැයි ලද තොරතුරු සම්බන්ධයෙන් ඉතා රහසිගත වාර්තාවක් රහස් පොලීසිය විසින් අධිකරණය මගින් ඉදිරිපත් කර තිබිණි.
එම වාර්තාව රහසිගත හා ආරක්‍ෂාකාරී ලෙස තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබිණි.
අදාළ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් අනාවරණය කරමින් තොරතුරු ලබාදෙන ලද පුද්ගලයාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.
ප්‍රබල ජනාධිපති අපේක්‍ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක්!
2024-09-06T10:19:00+05:30
Gossip Lanka Hot News






