ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු’ රූපවාහිනී නාලිකාව මගින් පසුගිය (02) රාත්‍රී 10.30 ට සජීවීව විකාශනය කරනු ලැබූ ‘සලකුණ’ සංවාදශීලී දේශපාලන වැඩසටහනේ සියලු පටිගත කල පිටපත් මේ වන විට අදාල මාධ්‍ය ආයතනය ඇතුළු සියලු ම අන්තර්ජාල වෙබ් අඩවිවලින් ඉවත්කර තිබේ.
සජීව ව විකාශනය කළ රූපවාහිනී වැඩසටහනක් පැය කිහිපයක් තුළ එය සටහන්ව තිබූ සියලු තැන්වලින් මෙසේ එකවර ඉවත්කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලාංකික මාධ්‍ය ඉතිහාසයේ පළමු වතාවටය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්රමුඛ, ප්‍රවීන මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබන ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහන දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් දහස් ගණනක් විසින් නරඹන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකි.
මෙම වැඩසටහනට සහභාගීවූ විමල් වීරවංශ මහතා විසින් ලාංකීය සහ ලෝක දේශපාලනය තුල සිදුකෙරෙන විදේශීය බලපෑම් පිළිබඳ විග්‍රහයක් සිදුකරනු ලැබ තිබුණා.