ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හා මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. නාමල් රාජපක්ෂගේ පියා මෙන්ම බාප්පා ද විධාය ජනාධිපති ධූරය වසර 12 කාලයක් තිස්සේ හෙබවූ දේශපාලකයින් ය.
මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 2.7ක ඡන්ද ප්‍රතිශතයක් දක්වා පල්ලම් බැස සිටින පොදු පෙරමුණ නියෝජනය කළ නාමල් රාජපක්ෂ මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව ජනාධිපතිවරයා පත්වී ආසන්න දිනක එය සිදුකිරිම බවය.
එම නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්නේය.