ජනාධිපතිවරණ සමයේ බොරු බිල්ලන් මැවූ මාධ්‍ය ආයතන වලට වැඩ වරදී!
ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ බොරු අවලාද මඩ ගැසීම් රැසක් මැද ජනතා ආශිර්වාදයෙන් ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය ඉතා සුවිශේෂී වන බවයි.
ඔහු පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී විරුද්ධ පාක්ෂිකයින් තමන් සතු කලු සල්ලි මෙන්ම ජඩ මාධ්‍ය බලය ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව දැවැන්ත අයුරින් මෙහෙයවූ බවයි.
එවැනි බොරු අවලාද මුලාකිරීම් හමුවේ වුවද ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් හානි වීමට ඉඩ නොතබනා බවද සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.
එවැනි බොරු අවලාද සහ බිල්ලන් මවා ජාතික ජන බලවේගයට ලැබීමට තිබූ ඡන්ද විශාල ගණනකින් අහිමි කිරීමට කටයුතු කළ ජඩ මාධ්‍ය ආයතනයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා බව පැවසූ හිටපු අමාත්‍යවරයා එය නිවැරදිකිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
ඒ කිසිවෙකු සම්බන්ධයෙන් පෞද්ගලිකව කිසිදු ගැටුමක් නොමැති නමුත් ජනතාව වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා එම නාලිකාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ජනාධිපතිවරණ සමයේ බොරු බිල්ලන් මැවූ මාධ්‍ය ආයතන වලට වැඩ වරදී!
2024-09-25T07:07:00+05:30
Gossip Lanka Hot News






