රනිල් මහජන රැලි තිහක් කපා හරී! මැතිවරණ කොමිසමෙන් බාධා!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් කර තිබූ ප්‍රචාරක රැස්වීම් තිහක් අඩු කිරීමට කටයුතු කර තිබේ.
රට පුරා ප්‍රචාරක ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අනුවකට ජනාධිපතිවරයා සහභාගි වීමට සංවිධානය කර තිබූ නමුත් මේ වන විට නව ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත එම ප්‍රමාණය හැට දක්වා අඩු කර තිබේ.
කෙසේ වෙතත් ගම් මට්ටමෙන් කුඩා කණ්ඩායම් රැස්වීම් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
විශාල මහජන රැළි පැවැත්වීමේදී බස් කුලියට ඇතුළු කටයුතු සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මැතිවරණ වියදම් නියාමර පණුවත අනුව මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු විසින් ඡන්දදායකයෙකු සඳහා වැය කළ හැක්කේ රුපියල් 109ක මුදලක් පමණි.
රනිල් මහජන රැලි තිහක් කපා හරී! මැතිවරණ කොමිසමෙන් බාධා!
2024-09-02T11:00:00+05:30
Gossip Lanka Hot News






