නව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්රි ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කිරීමට නියමිතව ඇත.
මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් නව පාර්ලිමේන්තු මන්ත්රීවරයා පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
අනුර කුමාර දිසානායකගෙන් පසුව එම මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවද සදහන් කරයි.