කෙහෙළියට ඇපත් නැතිවෙයි... අධිකරණයෙන් නියෝගයක්!
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා ඇත.
එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ අතර එහි තීන්දුව ප්‍රකාශ කිරීම එළඹෙන ඔක්තෝබර් මස (03) වනදා දක්වා කල් තබන බව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල අද නිවේදනය කර ඇත.
එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙසත් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.
කෙහෙළියට ඇපත් නැතිවෙයි... අධිකරණයෙන් නියෝගයක්!
2024-09-04T15:51:00+05:30
Gossip Lanka Hot News






