gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය රඹුක්වැල්ල නිදහස්!

මාස 6කට වැඩි කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප නිදහස් කර ඇත.

ඒ අද (11) ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදී ඇත්තේ, රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් යන ඇප කොන්දේසි මතයි.

ඇප ලබාදීමෙන් අණතුරුව හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් ද තහනම්ක්ද පනවා තිබේ.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරිනා බවය.

ඊට අමතරව, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර යන සැකකරුවන්ද අද දින ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka