gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයෙන් පසු රටින් පැන යන්න වීසා ගන්න මට කිසිම උවමනාවක් නෑ – ඇමති ටිරාන්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීමට සදහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවට 11 දින පැමිණි ඒ මහතා ආගමික වතාවත් වලින් පසු මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.                          
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය. 

ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80 දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළත් මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය එක එක කතා කියනවා. යම් ඇමතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවයක් නෑ . කාටවත් එහෙම රටින් පනින්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ජයගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමතිවරු නම් ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින් හෝ ගොඩනැගිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදා බැලීම් කරන්න කාලයක් නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.                                             

මේ වන විට යුක්තියේ මෙහෙයුම යම් ආකාරයකින් අඩපණ වෙලා තිබෙනවා. මේ කුඩු සල්ලි බොහෝ අයගේ අතට පත්වෙලා තිබෙනවා. ඒ අය තමයි පොලිස්පතිවරයාට වට කරලා ගහන්නේ. නඩු දාන්නේ. යුක්තියේ මෙහෙයුම තමයි ඒකට හේතුව. මේ ජනාධිපතිවරණයෙන් පසු යුක්තියේ මෙහෙයුම දෙගුණ තෙගුණ කරලා තදින්ම ක්‍රියාත්මක කරනවා. 2025 වසරේ අග භාගය වන විට ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර සියයට සීයක් බැරි වුණත් සියයට අනූවක් පමණ හෝ අවසන් කරනවා.   

මේ පාස්පෝට් හා වීසා ගැටලුව විපක්ෂයේ මන්ත්‍රීවරු දේශපාලන වාසි ගන්න ඇතිකරපු දෙයක්. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා . එයා ආපුවාම මේකට සම්බන්ධ අයට දඬුවම් කරනවා කියලා. වැරදි කරපු අයට දඬුවම් කරනවා නම් අපිත් ගොඩක් කැමතියි. නමුත් එයා සත්‍යය ඇති සැටියෙන්ම දැනගෙන නෙවෙයි කතා කරන්නේ. පාස්පෝර්ට් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ තැරැව්කාර මාපියාව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්න උදව් කිරීම සඳහා රුපියල් 50.000 සිට විවිධාකාරයෙන් මුදල් අය කළ බවට අපිට දැනගන්න ලැබුණා. නමුත් දැන් ඒවා ඔක්කොම නවත්තලා තියෙන්නේ. හැම  ආගමන විගමන කාර්යාලයක් අසලම විශේෂ පොලිස් රාජකාරියක් ක්‍රියාත්මක වෙනවා. දැන් පෝලිම නෑ. අවුරුදු විසි දෙකක් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළේ එකම සමාගමක්. අඩුම වශයෙන් ටෙන්ඩර් දාලා වත් නෑ. ඒ අය මේ වන විට විදේශ ගමන් බලපත්‍ර මිලියන 11 ක් මුද්‍රණය කර තිබෙනවා. එකක් ඩොලර් 5,89 ට . මෙවරත් ඒ අයටම දෙන්න ගියත් මම නවත්තලා ටෙන්ඩර් දාන්න කිව්වා. ඊ පාස්පෝට් අපිට ගන්න පුළුවන් ඩොලර් 5.6 කට. ඒ අනුව ඉදිරි කටයුතු කරනවා. දැන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ විශාල පෝලිම් නෑ.

(කමල් සුරවීර – මහනුවර)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka