ආර්ථිකය බේරන්න ගියොත් ජනතාව තරහ වෙනවා.. ජනතාව යාළු කරගන්න ගියොත් IMF තරහා වෙනවා..- රනිල්
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගැනීමට සිදුවන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. මිනිසුන් බෙරන්න ගියොත් අයි. එම්.එෆ්. තරහා කරගන්න සිදුවන බව කියා ඇති ජනාධිපතිවරයා අයි. එම්. එෆ්. තරහ වුණොත් රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇදවැටෙන බව ද සඳහන්කර ඇත.
තමාගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය බේරා ගැනීම බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කොන්දේසි පැනවීමේ අරමුණ ද රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම බව පෙන්වා දී ඇත.
ජනතාව ඒ සත්‍ය කාරණය වටහා ගත යුතුව තිබෙන්නේ යැයි වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ එජාප නිලධාරී හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
අංජුල මහික වීරරත්න
ආර්ථිකය බේරන්න ගියොත් ජනතාව තරහ වෙනවා.. ජනතාව යාළු කරගන්න ගියොත් IMF තරහා වෙනවා..- රනිල්
2024-09-26T17:16:00+05:30
Gossip Lanka Hot News






