ඡන්දෙට කලින් ප‍්‍රතිඵල එයි.. සිලින්ඩරේට ගිය පොහොට්ටුවන් අනාථයි.. මැතිවරණයටත් තරග නොකරයි..
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර මැතිවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට හේතු වී ඇති ගිය ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා ලැබූ පරාජය හා ගත් ප්‍රමාණවත් නොවන ඡන්ද සංඛ්‍යාව බව වාර්තා වෙයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඊළඟ මහ මැතිවරණයට තරග කිරීම සඳහා පක්‍ෂය සංවිධාන කරමින් තිබීමද ඊට බලපා ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවෙන්ද ඔවුන්ට එම පක්‍ෂයට යළි එක් කර ගැනීම සඳහා අකමැත්ත දැනටමත් පල කර තිබේ.
ඉතිරි වී ඇති එකම විකල්පය වන දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකට සන්ධානයකින් තරඟ වැදුනද සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි වනු ඇති බවට ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.
ඒ හේතුන් මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීම පොදුජන පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨයන් මෙන්ම කනිෂ්ට මන්ත‍්‍රිවරුන් රැසක් දැනටමත් තීරණය කර අවසන් බව දැනගන්නට ඇත.
ඡන්දෙට කලින් ප‍්‍රතිඵල එයි.. සිලින්ඩරේට ගිය පොහොට්ටුවන් අනාථයි.. මැතිවරණයටත් තරග නොකරයි..
2024-09-27T00:15:00+05:30
Gossip Lanka Hot News






