හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය. එයට අදාල පත්වීම් ලිපිය දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයයි. අමුණුගම මහතා එහිදී මනාප ඡන්ද 171,758 ක් ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළේය.
එම පත්වීම් ලිපිය පිරිනැමීමෙන් පසුව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේ දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාරගැනීම එම පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවය.